Sunday, April 28, 2024

General line - 0115112241

පොහොට්ටුව අනුරපුරයෙන් පිපෙන්න සූදානම්




ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රථම මංගල රැලිය අති උත්කර්ශවත් අන්දමින් අනුරාධපුර දී පැවැත්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තිරණය කර ඇතයි අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්,චන්ද්‍රසේන පවසනවා.

 

ඊයේ (22) සිය නිවසේ පැවති හිටපු පළාත් පාලන නියෝජිතයන්,වෘත්තිය සමිති සාමාජිකයන් ඇතුළු පිරිසක් සදහා පැවති දැනුවත් කිරීමේ රැස්වීමේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 

එළබෙන පළාත් පාලන මැතිවරණයේ ආරම්භක ජන රැලිය නොවැම්බර් මස 12 වන දින අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

 

එම භුමිය සදහා එස්.එම්.රන්ජිත් සමරකෝන් මහතා විසින් මේවනවිට අවසර ලබාගෙන තිබෙනවා.

 

එදින පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂමහතා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහාසැය අභියසදී සිදුකෙරෙන ආගමික වතාවත් වලින් අනතුරුව අනුරාධපුර මුස්ලිම් පල්ලිය ,හින්දුකොවිල අභියසදී සිදු කෙරෙන ආගමික වතාවත් සිදු කරනවා.

 

අනතුරුව පස් වරු 2.00 මෙම මංගල රැලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇතයි ද කියා සිටියේ.

 

මේ සදහා පොදු ජන පෙරමුණ සමග එක්ව සිටින සියලු පක්ෂ වල නායකයි ඇතළු සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වීමට නිමිත් බවද ඔහු වැඩි දුරටත් පැවසුවා.

 

නොච්චියාගම-එම්.එම්.පී.ජී.පෙරේරා