Saturday, April 27, 2024

General line - 0115112241

අමෙරිකාව ගොඩනඟන්න පංච මහා යෝධයන් එක්වුණු තැන මෙන්න (VIDEO)




අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් පස් දෙනෙකු එකම වේදිකාවක සිටිමින් ආධාර එකතු කිරිමේ සමාජ සත්කාරක වැඩසටහන්කට සහභාගී වුණා.

ඒ පසුගියදා සුළි කුණාටුවෙන් විපතට පත්වූ පිරිසට අවශ්‍ය සහන සැලසීම සඳහායි.

2017 වසරේ දී පමණක් අමෙරිකාවට දරුණු සුළි කුණාටු තුනක් ඇති වුණා.

ඉන් විශාල අලාභ සිදුවූ අතර ජීවිත හානි රැසක් ද වාර්තා වුණා.

මෙම කුණාටුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘතියකට ආධාර එකතු කිරිමේ පිණිස මෙලෙස හිටපු ජනාධිපතිවරුන් ඉදිරිපත්ව සිටිනවා.

ඒ අනුව බැරක් ඔබාමා, බිල් ක්ලීන්ටන්, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ,ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් සහ ජිම්මි කාටර් යන හිටපු ජනාධිපතිවරුන් මෙම ව්‍යාපෘතියට ඇතුළත්.

එය නම් කර ඇත්තේ ද අමෙරිකාව ගොඩනඟන පංච මහ යෝධයන්ගේ ශක්කිය යන්නයි

ද වන් අමෙරිකන් ඇපල් නැමති සංගීත ප්‍රසංගයට මෙම පිරිස එක්ව සිටි අතර එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 31 ක් උපයාගෙන ඇති බවයි අමෙරිකාවේ හිටපු ජනාධිපත් බැරක් ඔබාමා කියා සිටියේ.