Sunday, April 28, 2024

General line - 0115112241

අයි.එස්. වෛද්‍ය බලකාය ශක්තිමත් - ශ්‍රී ලාංකීක වෛද්‍යවරුන් සිටින බවට යළිත් අනාවරණයක්

ප්‍රබෝධා හෙට්ටිආරාච්චි




අයි.එස්. ත්‍රස්ත සංවිධානය තුළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක වෛද්‍යවරුන් කටයුතු කරන බවට යළිත් අනාවරණය වී තිබෙනවා.

ඒ එම ත්‍රස්ත සංවිධානයේ දැනටමත් වෛද්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටින බව කියන පුද්ගලයකු විසින් නිකුත් කරන ලද නවතම වීඩියෝවක් මගින්.

අල් මුකටිල් අල් හින්දි නමැති අයි.එස්. ත්‍රස්ත සංවිධාන නාමයෙන් පෙනී සිටින ඔහු 2015 වසරේ ද මෙවැනිම වීඩියෝවක් නිකුත් කර තිබුණා.

එම වීඩියෝව මගින් ද ඔහු පවසා තිබුණේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක වෛද්‍යවරුන් තම ත්‍රස්ත සංවිධානයේ වෛද්‍යවරුන් ලෙස කටයුතු කරන බවයි.

නවතම වීඩියෝව මගින් මෙම වෛද්‍යවරයා පවසන්නේ ලොව පුරා රටවලින් තවදුරටත් අයි.එස්. ත්‍රස්ත සංවිධානයට වෛද්‍යවරුන් බවා ගන්නා බවයි.

ශ්‍රී ලංකාව, ටියුනීසියාව, ඊජිප්තුව, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවකින් පැමිණි වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් දැනට අයි.එස්. සාමාජිකයන් සඳහා ප්‍රතිකාර කරන බව මෙම වීඩියෝවෙන් ද ඔහු පවසා තිබෙනවා.

අයි.එස්.අයි.එස්. සෞඛ්‍ය සේවාව ලෙස නම් කර ඇති මෙම ප්‍රතිකාර සේවාව මගින් මීට පෙර ප්‍රතිකාර කිරීමට හැකිවූයේ රෝගීන් 30කට පමණක් බවයි එම වෛද්‍යවරයා පවසා තිබුණේ.

නමුත් පසුගිය කාලය තුළ අයි.එස්. ත්‍රස්ත සංවිධානය තුළ විදේශීය වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩීවීම හේතුවෙන් රෝගීන් 500කට පමණ දැන් එකවර ප්‍රතිකාර කළ හැකි බව ඔහු හෙළි කර තිබෙනවා.

කෙසේ වෙතත් අයි.එස්. ත්‍රස්ත සංවිධානය වෙනුවෙන් පෙනී සිටින ඉන්දීය ජාතිකයකු වන මෙම වෛද්‍යවරයා පිළිබ ඉන්දීය රහස් ඔත්තු සේවා දීර්ඝ විමර්ශනයක යෙදුණා.

ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටින අයි.එස්. සාමාජිකයන්ගෙන් ඒ පිළිබකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබුණේ මෙම වෛද්‍යවරයා ඉන්දියාවෙන් එම ත්‍රස්ත සංවිධානයට මුලින් සම්බන්ධ වූ 6 දෙනාගෙන් අයකු බවයි.

මෙම අයි.එස්. වෛද්‍යවරයා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ විසූ අයකු බවට ද හෙළිව තිබෙනවා.

එමෙන්ම ඔහු ඉන්දියාවේ තරුණයන් වගේම සෞඛ්‍ය සේවකයන් අයි.එස්. ත්‍රස්ත සංවිධානයට බවාගැනීම් සිදුකරන අයකු ද වන බවයි ඉන්දීය බුද්ධි අංශ හෙළිකරගෙන ඇත්තේ.