නව ව්‍යවස්ථාව තුළ ඒකීය රාජ්‍යය යන වචනය භාෂා ත්‍රිත්වයෙන්ම ඇතුළත් කිරීමට අදහස් ඉදිරිපත් වී ඇතත් එය ගැටලූ සහගත බව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන මත විමසීමේ කමිටු සභාපති, අධිනීතිඥ ලාල් විජේනායක පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමක දී ඔහු කියා සිටියේ බහුතර ජනතාවකගේ මතය අභිබවා ක්‍රියා කළ නොහැකි බවයි.
ඒකීය රාජ්‍යය යන වචනය භාෂා ත්‍රිත්වයෙන්ම ඇතුලත් කිරිම සම්බන්ධයෙන් තමන්ට ද ගැටලු පවතින අතර එය බහුතර කැමත්ත නම් ඊට අවස්ථාව දිය යුතු බවද ඔහු පෙන්වා දුන්නා.
ඇතැම් පිරිස් ජනතාව මුලා කිරිම සඳහා ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ඒකීය රාජ්‍යය හා ආගම සම්බන්ධ වගන්ති නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේදී කිසිසේත් වෙනස් නොවන බවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඒකමතිකව ප්‍රකාශ කර ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
අධිනීතිඥ ලාල් විජේනායක පෙන්වා දෙන්නේ නව ව්‍යවස්ථාව තුළ ඒකීය රාජ්‍යයක් සඳහා ද්‍රවිඩ පක්ෂ පවා එකඟ වී ඇති බැවින් මෙම අගනා අවස්ථාව යළි නොලැඛෙන බවයි.
කෙසේවෙතත් නව ව්යව්යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති අතුරු වාර්තාව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන මත විමසීමේ කමිටු වාර්තාව මත පමණක් පදනම් වී නොමැති බවයි ඔහු පැවසුවේ.
එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගෙන් යුත් මෙහෙයුම් කාරක සභාව විසින් ඉදිරිපත් කළ වාර්තාවක් වන අතර ඊට බොහෝ පාර්ශවවල අදහස් එක් කර ඇති බව ද සභාපතිවරයා සිහිපත් කළා.