මෙරට තුළ සිදුවන අපරාධ සියයට 25කින් පමණ අඩුවී ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පවසනවා.
එමෙන්ම අපරාධ විසඳන ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
පොලිසියත් වත්මන් රජයේ ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වෙමින් ඉදිරියට ගමන් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මෙම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර ද එක්ව සිටියා. ඔහු එහිදී කියා සිටියේ කවුරු කුමක් කීවද පොලිස් විමර්ශනවලට කිසිඳු දේශපාලන බලපෑමක් නොමැති බවයි.
එවැනි බලපෑමක් හේතුවෙන් වන සිද්ධියක් වෙතොත් වගකිවයුත්තේ අදාළ නිලධාරියා බවයි පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.
මෙම අදහස් පළකෙරුණේ මාතර ප්‍රදේශයේ පැවැති උත්සවයකදීයි.