වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ට ඇප ලබාදී තිබෙනවා.
ඒ අදාළ නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදී කොළඹ මහ අධිකරණය විසින් ඔහුට ඇප ලබා දුන් බව වාර්තා වනවා.
සයිටම් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට අලාභ හානි සිදුකළ බවටයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබූණේ.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පසුගිය අගෝස්තු මස 18 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.