මුළු රටම රඳපවතින්නේ ඡන්දය හා ඡන්ද හිමි නාමලේඛනය මත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය, ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු සියල්ල ඡන්දය මත රඳා පවතින බවයි.
තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටීමට මෙන්ම අනුන්ගේ අයිතියට ඉඩදීමට කැමැත්ත දක්වන තාක්, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මෙම අදහස් පළකළේ මහනුවර පැවැති උත්සවයකට එක්වෙමින්.
මේ අතර සියලුම දේශපාලන පක්ෂ පරිපාලකයන්ගේ පුරවැසි භාවය පරික්ෂාවට ලක්කිරිමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
පසුගිය සතියේ රැස්වූ මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරිමෙන් අනතුරුව මෙම තීරණයට පැමිණ ඇති බව සඳහන්.
ශ්‍රී ලංකා මැතිවරණ නීතියට අනුව දේශපාලන පක්ෂ නායකයෙකු හෝ පරිපාලකයෙකු මෙරට පුරවැසියෙකු විය යුතුයි.
එම නිසා ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවදානය යොමුව ඇති බවයි එම කොමිසම කියා සිටියේ.
කෙසේ වෙතත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක ශලිල මුණසිංහ විදේශ පුරවැසියෙකු බව අනාවරණය වීමත් සමගයි මැතිවරණ කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ.