Sunday, January 12, 2025

General line - 0115112241

පුංචි ජන්දේ ගැන හෙට සාකච්ඡාවක්




පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඇතුළු පක්ෂ නායකයින් සහභාගි වීමට නියමිතයි.

මෙම සාකච්ඡාව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති අවසන් බාධාව ඉවත් කරන සාකච්ඡාව වනු ඇති බවයි අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ.

මෙම අවස්ථාවට සහභාගී වන ලෙස සියළු පක්ෂ නායකයන්ට ද ඇරයුම් ලැබි ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ දිනය හා මැතිවරණය ගැසට් කිරිම සම්බන්ධයෙන් ද මෙහිදී අවසන් තීරණයක් ගනු ඇති බවයි අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ.