Sunday, January 12, 2025

General line - 0115112241

නීතිපති උපදෙස් ලැබීලා නෑ




රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට අයත් වාහන 40 ක් අවභාවිත කරමින් රුපියල් මිලියන 91 ට අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම. විමල් වීරවංශ සහ  තවත් සැකකරුවකු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇති බව  පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද (23) අධිකරනයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව විමල් වීරවංශ සහ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකුහැන්නදිගේ යන අය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වල උදෘත උපදෙස් ලබා ගැනීමට නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කියා සිටියේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව  මූල්‍ය අපරාධ කොට්ඨාසය  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලකා ජයන්ත මෙනවිය වෙත දැනුම් දුන්නා.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මූලික විමර්ශන අවසන් කොට ඇති බවද පොලිසිය පැවසුවා.

නීතිපතිවරයා ගේ උපදෙස් ලබා ගෙන අධිකරනයට කරුණු වාර්තා කිරීමට නඩුව ලබන ජනවාරි  මස 29 දා යළි කැදවීමට දින නියම වුණා.