Sunday, January 12, 2025

General line - 0115112241

ඒකීය රාජ්‍යය ආරක්ෂා කරනවා - නව ව්‍යවස්ථාවට විරුද්ධයි

හේරත් ඒකනායක - මහනුවර




නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළවනවා.

 

ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහනුවර තෙල්දෙණියේ දී පැවැති උත්සවයකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් පළකළා.

 

ඔහු කියා සිටියේ ඒකීය රාජ්‍යය හිස ගසා දමන භායනක ව්‍යවස්ථාවට තමන් විරුද්ධ වන බවයි.

 

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට ඇති වගකීමක් පිළිබව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මෙහිදී සිහිපත් කළා.

 

බුලත් කොළය ලකුණෙන් පාර්ලිමේන්තුවට තෙරීපත්වු මන්ත්‍රීවරුන් 95 ඒකීය රාජ්‍යය ආරක්ෂා කිරිමට ඉදිරිපත් වියයුතු බවයි  මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

 

ජනාධිපතිවරයා ඇතුළු සියළු දෙනා ඒකීය රාජ්‍යය ආරක්ෂා කර ගතයුතු බවද ඔහු කියා සිටියා.

 

කෙසේවෙතත් නව ව්‍යවස්ථාව සියලූ ජාතීන්ගේ ඕනෑ එපාකම් ඉටුවන ව්‍යවස්ථාවක් බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ.

 

මෙරට ව්‍යවස්ථාව අවස්ථා දෙකකදී සංශෝධන වූවත් එහිදී සුළු ජාතීන් නියෝජනය නොවී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

 

එයයි මෙරටට වැරදුනු තැන් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන් අතර දැන් හෝ ගැටලූ විසඳා ගැනීමට මූලිකත්වය දිය යුතු බවයි ප්‍රකාශ කළේ.

 

මහනුවර පැවැති උත්සවයකදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙම අදහස් පළකළා.