Saturday, May 18, 2024

General line - 0115112241

විස්සයි විස්ස ශ්‍රී ලංකා පුහුණුකරු හෂාන්

කසුන් කැළුම්




පකිස්ථානය සමග පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න පත්කරනු ඇතැයි වාර්තා පළවනවා.

 

ඒ වත්මන් ප්‍රධාන පුහුණුකරු නික් පෝතස් පකිස්ථාන විස්සයි 20 තරගාවලියට එක්නොවීමට තීරණය කිරීම හේතුවෙන්.

 

ඒ අනුව බොහෝ දුරට පාකිස්ථානය සමග අද (23) පැවැත්වෙන අවසන් එක්දින තරගයෙන් පසු ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

 

පාකිස්ථානයේ ආරක්ෂාව පිළිබ සළකා සිය පවුලේ සාමාජිකයෙන් ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් තමන් පාකිස්ථානයට නොයන බවයි ප්‍රධාන පුහුණුකරු නික් පෝතස් ප්‍රකාශ කළේ.

 

පන්දුවාර විස්ස තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනකු ද සහභාගි වන්නේ නැහැ.

 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ තිසර පෙරේරායි.

 

මේ වනවිට විස්සයි 20 තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ 6 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු සහන් කළේ.

 

ශ්‍රී ලංකා - පාකිස්ථාන විස්සයි 20 තරගාවලිය ලබන 26 වැනිදා ආරම්භ වනවා.