Monday, April 29, 2024

General line - 0115112241

දිවයින පුරා අන්තර් මෝසම් තත්ත්වයක් ස්ථාපිත වෙමින් පවතී




මේ වන විට දිවයින පුරා ක්‍රමයෙන් අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

ඒ අනුව සවස් කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

වැසි සමග තද සුළං තත්ත්වයන්ද ඇති විය හැකි බවත් සඳහන් කළා.

කොළඹ, කළුතර, ගාල්ල යන ප්‍රදේශවල වෙරළබඩ  ආසන්නයේ උදෑසන කාලයේදීත් වැසි ඇති වීමේ හැකියාවක් ඇති බවයි පෙන්වා දෙන්නේ.