Saturday, May 18, 2024

General line - 0115112241

සදීරගේ අවාසනාව වාර්තා අතරට

කසුන් කැලුම් - සාජා සිට




සදීර සමරවික‍්‍රම අද (23) තරගයේද ලකුණු නොලබා දැවී යාම වාර්තා අතරට එක් වුණා.

සාජා කී‍්‍රඩාංගණයේ දී පාකිස්ථානය සමග අද පැවැත්වෙන පස්වන එක්දින කි‍්‍රකට් තරගයට මුහුණ දෙමින් සිටින ශී‍්‍ර ලංකා පිළේ ආරම්භක පිතිකරු වූ සදීර සමරවික්‍රම මෙලෙස අවාසනාවන්ත ලෙස දැවී ගියා.

ඒ අනුව සිය පළමු එක්දින තරග දෙකේදීම ලකුණු නොලබා දැවී ගිය 2 වන ශී‍්‍ර ලාංකික පිතිකරුවා ලෙසයි ඔහු වාර්තා අතරට එක් වූණේ.

පිට පිටම සිය පළමුු එක්දින තරග දෙකේදීම දැවී ගිය පළමු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා වූයේ සුසිල් ප‍්‍රනාන්දුයි. ඔහු මෙවැනි දැවී යාමකට හසු ව තිබුණේ 1983 වසරේදීයි.