Monday, April 29, 2024

General line - 0115112241

යානා නිෂ්පාදනය කරන්න ගුවන් හමුදාව සූදානම්




ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට නව යානා මිලදී ගත යුතු බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ අද (23) පෙරවරුවේ මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ පැවති ආගමික වැඩසටහනකට සහභාගී වීමෙන් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින්.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව විසින්ම යානා නිෂ්පාදනය කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බව ගුවන් හමුදාපතිවරයා මෙහිදී කියා සිටියා. 

යුද්ධයක් නොමැති වකවානුවකදී හමුදාවක ශක්තිය සංවර්ධන ව්‍යාපෘතින් සඳහා ද යොදා ගැනෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මුහුද ආරක්ෂා කර ගැනීම සඳහා ද ගුවන් හමුදාවේ සහය ලබා ගැනෙන බවයි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති වැඩිදුරටත් පැවසුවේ.