Monday, April 29, 2024

General line - 0115112241

සයිටම් අවසන් තීන්දුව ගැන ජනපති මතක් කරයි




මාලඹේ සයිටම් ආයතනය පිළිබඳ රජයේ ස්ථාවරය තව දින කිහිපයකින් ප‍්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත‍්‍ර‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ දෙහිඕවිට ප‍්‍රදේශයේ විහාරස්ථානයක අද (23) පෙරවරුවේ පැවති උත්සවයකදීයි. 

මේ අතර, උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද සයිටම් ගැටලූව සම්බන්ධයෙන් අද අදහස් පළ කළා. 

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

කෙසේවෙතත් ඒ පිළිබඳ යෝජනා කිහිපයක් සාකච්ඡා කෙරුණු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෙම සතිය තුළ ඒවා තවදුරටත් අධ්‍යයනය කර අවසන් තීරණය ප‍්‍රකාශ කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.