Monday, January 13, 2025

General line - 0115112241

ජනමත විචාරණය තිබ්බොත් හෙට අපට වෙන්නේ ඊයේ කැටලෝනියාවට වෙච්ච දේයි!




මෙරට දේශපාලන ඉතිහාසයේ අවසාන වසර 70 තුළ අද වනවිට මතුව ඇති තීරණාත්මක, අභියෝගාත්මක දේශපාලන වාතාවරණයක් මතු නොවූයේයැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. නව ව්‍යවස්ථාව හේතුවෙන් රට බෙදීම පිළිබඳ බරපතල ගැටළුවකට මුහුණ දී ඇතැයි පවසන ඔහු, රට කෑලි නවයකට කැඩීම ජාත්‍යන්තරයේ අවශ්‍යතාව බව පවසනවා.  අනතුරුව කොන්ද පණ නැති නායකයින් නවයක් පත්කරගත් විට ඔවුන් සමග ජාත්‍යන්තරයට ඕනෑම දෙයක් කළ හැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ටී.එන්.ඒ යෝජනාවලියේ උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් පැහැදිළිවම ඇතැයිද ඔහු පවසනවා.

ජාත්‍යන්තරයට අවශ්‍ය ඔවුන් හිට ගනින් කිව් විට හිට ගන්නා, ඉඳගනින් කිව් විට ඉඳ ගන්නා නායකයින් බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ. රාජපක්ෂ පාලනය වෙනස් කිරීමට ජාත්‍යන්තරය කටයුතු කළේ එවැනි ඔවුන්ගේ පදයට නටනා නායකයින් අපේක්ෂාවෙන් බවයි ඔහු පවසන්නේ.

මෙරටට මේ කරන්නට උත්සාහ කරන්නේ ස්පාඤ්ඤයෙන් කැටලෝනියාව වෙන් කළ ආකාරයට වෙනම රාජ්‍යයකට යාමේ උත්සාහයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජනමත විචාරණයකට යාමේ අවශ්‍යතාව ඇත්තේ රට බෙදා වෙන් කිරීමට හොඳ පොටක් පාදා ගැනීමට බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

"මොකක්ද ජනමත විචාරණයකට ගියාම වෙන්නේ. ජනමත විචාරණය පරදිනව. හැබැයි උතුර නැගෙනහිර බහුතරයේ කැමැත්ත සහ දකුණේ බහුතරයගේ කැමැත්තේ වෙනසක් තියෙනව. අවසානයේ උතුරේ ජනතාව ජාත්‍යන්තරයට කියන්නේ අපි ඉල්ලපු අවසාන අවස්ථාවවත් මේ රටේ මහ ජාතිය දෙන්නේ නැහැ කියලයි. අන්තිමට ඒකත් රට බෙදන්න හේතුවක් වෙනවා. මේ තියන්න හදන ජනමත විචාරණය තිබ්බොත් ඒක පැරදුණත් දිනුවත් රට දෙකඩ වෙන්න තියෙන අවධානම ඉතාමත් බරපතලයි."