Monday, January 13, 2025

General line - 0115112241

මුලින්ම ෆෙඩරල් ගෙනා කෙනා මෙන්න! පාඨලී හෙළි කරයි

කපිල සෝමරත්න - පානදුර




කමිටු වාර්තා දෙකක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවට ෆෙඩරල් ආණුඩුක්‍රමයක් අවශ්‍ය බව ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත්තේ එවකට අප රට පාලනය කළ මහින්ද රාජපක්ෂ මහතා බවත්, අද නව ආන්ඩුක්‍රම යෝජනා අල්ලාගෙන මහජනතාව මුලාකිරීමට බෙරිහන්දෙන දේශපාලනඥයින් සහ වෙනත් අය මහින්ද රාජපක්ෂ මහතාගේ පෙඩරල් යෝජනා ගැන නිහඬතාවයක් දැක්වූයේයැයිද මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක පැවසුවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාණදුර නව බස්පොල  විවෘත කිරීම  සහ පාණදුර හරිත උද්අ‍යානයේ ඉදිකිරීම ආරම්භ තිරීම සදහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් අද (28) එම පානදුර බස්නැවතුම්පොළේ පැවැත්වු උත්සවය අමතමිනි.

පාණදුර ඓතිහාසික බෞද්ධ නගරයේ ගෞරවයට අපකීර්තියක් හෝ හානියක් නොවන අයුරින් පාණදුර රන්කොත් විහාරය ඉදිරිපිට  තිබෙන රජයේ ඉඩම හයරිත උද්‍යානයක් ලෙස සකස් කෙරෙන බවත්, දැනට පාණදුර ගාලු පාරේ තිබෙන ලංගම බස් නැවතුම් පොළ නව බස් නැවතුම් පොළට ගෙන යන බවත්, ලංගම බස් නැවතුම් පොළ භූමියේ නව වෙළඳ සංකිර්ණයක්පා රිභොගික ජනතාවගේ පහසුව සදහා ඉදිකරණ බවත් ඇමතිවරයා මෙහිදී පැවසුවා.