අන්සතු ගමන් බලපත‍්‍ර හා ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර විදේශ රටවල් බලා ගිය සිව් දෙනෙකු මේ මස 30 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (28) නියෝග කළා. ඒ, එම සැකකරුවන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මාලදිවයින, කටාර් සහ තුර්කි ගුවන් තොටුපොලවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන යළි ශී‍්‍ර ලංකාවට පිටුවහල් කර තිබෙනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපොලට යළි පැමිණි අවස්ථාවේදීයි.
මෙම සැකකරුවන් සිව්දෙනා ඉතාලිය සහ ජර්මනිය බලා යාමටයි තැත්කර ඇත්තේ. ඔවුන් පේදුරුතුඩුව, යාපනය සහ ති‍්‍රකුණාමලය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ.