මහා පරිමාණ ගැටලුවලට විසඳුම් ලබාදීමට පෙර ජනතාවගේ ප‍්‍රායෝගික ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය පියවර ගත යුතු බව විද්වතුන් පවසනවා.
කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කේ. කරුණාතිලක කියාසිටියේ පොදු ජනතාව එදිනෙදා මුහුණදෙන ගැටලු විසඳීම සම්බන්ධයෙන් ද රජයට වගකීමක් පවතින බවයි.
ණය ගෙවා ගත නොහැකිව යාපනයේ අරියාලෙයි ප‍්‍රදේශයේ දී මවක සහ දරු තිදෙනකු සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් මහාචාර්යවරයා මේ බව ප‍්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා කියාසිටියේ ජාත්‍යන්තර අභියෝග, රටේ සංහිඳියාව වැනි පුළුල් සංවාදවලට පෙර ජනතාව මුහුණදෙන දෛනික ගැටලු පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි.