Monday, January 13, 2025

General line - 0115112241

මෙරට ආඝාත රෝගී තත්ත්වයෙන් පෙළෙන සංඛ්‍යාව හඳුනාගැනේ

නවෝද්‍යා ගමගේ




ශ‍්‍රී ලංකාවේ ජනගහණයෙන් දශම පහක පමණ ප‍්‍රතිශතයක් ආඝාත රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බවට හෙළි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

අදට (29) යෙදෙන ලෝක ආඝාත දිනය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මේ බව කියා සිටියා.

ආඝාත රෝගී තත්ත්වය කළමනාකරණය සම්බන්ධයෙන් විශේෂ පියවර ගණනාවක් ක‍්‍රියාත්මක කිරීමට ජාතික ආඝාත සංසදය සැළසුම් කර තිබෙනවා.

ඒ යටතේ ජාතික ආඝාත කළමනාකරණ මධ්‍යස්ථානයක් ලබන නොවැම්බර් මාසයේදී පිහිටු වීමට ද නියමිත බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර වැඩිදුරටත් කියා සිටියේ.