Monday, January 13, 2025

General line - 0115112241

"අත්සන් කරන්න බැහැ" - කතානායක අහිතකර පනත් ප්‍රතික්ෂේප කරයි

චන්දන උඩුවාවල




හෘදසාක්ෂියට එකඟව තමන්ට සිදු කළ නොහැකි කරුණක් පිළිබඳව කතානායක කරූ ජයසූරිය මහතා පැහැදිළි කර සිටියා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ රටට හානියක් වන කිසිඳු පනත් කෙටුම්පතකට සිය හෘද සාක්ෂියට අනුව තමන්ට අත්සන් කිරීමට නොහැකි බවයි. ඒ අනුව එවැනි පනත්වලට අත්සන් නොතබන බවද සඳහන් කළා. 

මහනුවර පොල්ගොල්ල ප‍්‍රදේශයේ ඊයේ (28) පැවැති උත්සවයකින් අනතුරුව යෝජිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළා. 

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එල්ලවන විවේචන වඩා යහපත් ව්‍යවස්ථාවක් සැකසීම සඳහා ඉවහල් වන බවයි කතානායක කරු ජයසූරිය මහතා වැඩිදුරටත් කියාසිටියේ.