අද (29) අලුයම 3.45 ට පමණ ගොස්ගොඩ දී සිදු වූ වෙඩි තැබීම්වලින් වෙඩි වැදී ඇත්තේ පියෙක් සහ පුතුන් 03 දෙනෙකු වෙත බවයි වාර්තා වෙන්නේ.
ඉන් පියා සහ පුතුන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුතෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
තවද සිද්ධියෙන් කුරුඳු කම්කරුවෙකුද මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
කොස්ගොඩ සුජියා නම් පාතාල සාමාජිකයාගේ බාප්පා සහ බාප්පාගේ දරුවන් තිදෙනා මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.
කලක සිට පැවැති පෞද්ගලික කෝන්තරයක් හේතුවෙන් වෙඩි තැබීම සිදුව ඇති බවටයි මේ වන විට විශ්වාස කෙරෙන්නේ. කොස්ගොඩ තාරක නැමැති පාතාල සාමාජිකයා මෙම සිද්ධියට සම්බන්ධ බවටයි සැක කෙරෙන්නේ.
කොස්ගොඩ පොලිස් වසමේ යුධ පිටිය, කුරුඳුගම් පියස සහ මැණික් ගම්මානය යන ප්රදේශවලට යතුරු පැදි දෙකකින් පැමිණ ඇති තුවක්කුකරුවන් 04 දෙනෙකු මෙලෙම වෙඩි තබා තිබෙනවා.
මරණයට පත්ව ඇත්තේ ජගමුනි මහින්දරාජා සොයිසා නැමැති වයස අවුරුදු 50 ක පුද්ගලයෙකු, ජගමුනි අයේෂ් නැමැති වයස අවුරුදු 21 ක තරුණයෙකු, ගජමුනි දුමිදු විශ්මික නැමැති වයස අවුරුදු 13ක ළමයෙකු සහ කපිලරත්න නැමැති වයස අවුරුදු 38ක පුද්ගලයෙකුයි.
---------------------------
කොස්ගොඩදී වෙඩි තබයි - සිව්දෙනෙක් මරුට
(29-10-2017 06:59)
අද (29) අලුයම සිදු වූ වෙඩි තැබීමේ සිද්ධි තුනකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොස්ගොඩ ප්රදේශයේ ස්ථාන තුනකදී මෙම වෙඩි තැබීම් සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.