Friday, May 17, 2024

General line - 0115112241

පාකිස්ථාන ක්‍රිකට් ආයතනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වීඩියෝවක් අන්තර්ජාලයට එක් කරයි (VIDEO)

කසුන් කැලුම්




2009 වසරේ පාකිස්ථානයේ සංචාරය කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ලොව ප‍්‍රධාන පෙළේ කි‍්‍රකට් කණ්ඩායමක් මේ දක්වා පාකිස්ථානයේ තරග සංචාරයකට එක්වුයේ නැහැ.

නමුත් ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර 3 වන හා අවසන් පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය අද (29) පැවැත්වෙන්නේ ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගණයේදීයි.

ඒ අනුව ලොව ප‍්‍රධාන පෙළේ කි‍්‍රකට් කණ්ඩායමක් පාකිස්ථානයේදී කි‍්‍රකට් තරගයකට සහභාගි වන්නේ වසර 8 කට පසුවවීම මෙම තරගයේ විශේෂත්වයයි. 

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සමග අද තරගයට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ලාහෝර් නුවරට පැමිනි අයුරු දැක්වෙන වීඩියෝවක් පාකිස්ථාන ක්‍රිකට් ආයතනයෙන් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගෙන ගමන් ගත් බස් රථය විශේෂිත වෙඩි නොවදින බස් රථයක් බවයි පාකිස්ථාන ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.