ඒකාබද්ධ විපක්ෂයට අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයෙන් කැඳවීමක් කර තිබෙනවා.
ඒ කරුණු 2ක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය එම සංගමයට කළ පැමිණිලි පිළිබඳ විමසීමක් කිරීම සඳහායි.
ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර කියා සිටියේ ආණ්ඩුවේ මර්ධනකාරී ක්රියාපිළිවෙත හමුවේ මන්ත්රිවරුන් අත්අඩංගුවට ගැනීම, පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව කටයුතු කරන ගැටළුකාරී තත්ත්වයන් ගැන ඒකාබද්ධ විපක්ෂය මෙලෙස පැමිණිළි කර තිබූ බවයි.
මන්ත්රීවරයා වැඩි දුරටත් කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් තිදෙනෙකු මෙම කරුණු දැක්වීම සඳහා සහභාගි වන බවයි.