උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතේත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
උතුරු, නැහෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ ගල් කුලු සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් පස්සර - මඩුගස්තලාව මාර්ගය අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය පැවසුවේ මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි.
මේ අතර බණ්ඩාරවෙල, කරගහවෙල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව සමඟ නිවසක් මතට පස් කන්ඳක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි හානි සිදුව තිබෙනවා.
කෙසේවෙතත් අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, සොරණාතොට ඇල්ල, පස්සර, බදුල්ල සහ බණ්ඩාරවල යන ප්‍රදේශවලට බලපෑම් ඇති වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය පැවසුවේ එමඟින් පවුල් නමයක පුද්ගලයින් 41 දෙනෙකුට බලපෑම් ඇති වී ඇති බවයි.