දේවාලවලට කපු මහතුන් පත්කිරීම සම්බන්ධයෙන් නව ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට බුද්ධශාසන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කොමිසමක් යටතේ එම පත්කිරීම් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි වනජීවී හා බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසන්නේ.
ඊට අදාළ යෝජනාවක් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කියාසිටියා.
ස්වාධීන කොමිසමකින් අනුමත කරන පිරිසට පමණක් ඉදිරියේදී කපු තනතුරු ලබාදෙන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. පාරම්පරිකව පැවත ඒම පමණක් එවැනි ධුරයකට සුදුසු නොවන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.