Monday, January 13, 2025

General line - 0115112241

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩල කාරක සභාවේ අතුරු වාර්තාව හෙට විවාදයට




පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් මණ්ඩල කාරක සභාවේ අතුරු වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ ද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පවත්වනු ලබන මෙම විවාදය හෙට පෙරවරු 10.30 ට පාර්මේන්තුවේ දී ආරම්භ වීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

www.constitutionalessambly.lk වෙබ් අඩවියට පිවිසිමෙන් මෙහෙයුම්කාරක සභාවේ අතුරු වාර්තාව සහ අදාළ ක්‍රියාවලියේ වැඩිදුර තොරතුරු දැනගත හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.