දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත් බලපැවැත්වෙනවා.