ලොව රටවල් බෙදි වෙන්වීමට කටයුතු කරනු ලබන කාලවකවානුවකදී ශ්‍රී ලංකා ජනතාවට අවශ්‍ය වී ඇත්තේ ජාතික සංහිඳියාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
වත්මන් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදය නොමැති බවත් ජනතාවට සාමයෙන් ජීවත්වීමේ අවශ්‍යතාය මතුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
රටේ සංහිඳියාව ඇති කිරිම සඳහා මෙරට සියළු ජනතාව එක්ව 2015 වසරේ දී වත්මන් ආණුඩුවට ජනවරමක් ලබාදුන් බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
හැටන් ප්‍රදේශයේ පැවති ජන හමුවකට අද (29) එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළා.