කොළඹ සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දක්වා ඍජු ගුවන් ගමන් ආරම්භ කිරිමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම අද (29) සමත්වුණා.
දිනපතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මෙම ගුවන් ගමන් සිදුකිරිමට කටයුතු යොදා ඇති බවයි එම සමාගම කියා සිටියේ.
මෙම නව ගුවන් සේවාව මගින් ශ්‍රී ලාංකීයන් රැසකට ප්රතිලාභ හිමි වන බව සඳහන්.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අධ්‍යන කටයුතුවල නිරත මෙරට සිසුන් මෙන්ම වානිජ කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට යන ශ්‍රී ලාංකීයන්ට ද මෙගින් විශාල සේවාවක් වනු ඇති බව විශ්වාස කෙරෙනවා.
මෙම සේවාව සඳහා A 330 වර්ගයේ ගුවන් යානයක් යොදවා ඇති අතර මෙතෙක් මෙල්බර්න් නුවර දක්වා වූ පියාසර ගමන් කාලය පැය 10 දක්වා අවම වී ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියා සිටියා.