ජෙලි ෆිෂ් මත්සයෙකුගේ විෂ ශරීරගත වීමෙන් යාපනය ප්‍රදේශයේ ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
44 හැවිරිදි ඔහු මෙම අනතුරට මුහුණපා තිබුණේ යාපනය කාග් දූපත ආසන්නයේදීයි.
තවත් ධීවරයින් පිරිසක් මෙම පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
මත්සයාගේ විෂ ශරීරගත වීම හේතුවෙන් මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ද තහවුරු වී තිබෙනවා.
යාපනය ධීවර සමිති පවසන්නේ වසරකට උතුරේ ධීවරයින් පහත් දහයත් අතර සංඛ්‍යාවක් මෙවැනි විෂ සහිත මත්සයින්ගේ ප්‍රහාරවලට ලක්වී ජීවිතක්ෂයට පත් වන බවයි.