ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මාවනැල්ල, වෑගන්තලේ ප්‍රදේශයේ පවුල් 17ක් නායයෑමේ අවදානමක් හේතුවෙන් ඉවත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි කියා සිටියේ නායයෑම් ලක්ෂණ දුටු සැණින් එම ස්ථානවල සිටින ජනතාව වහාම එම ප්‍රදේශවලින් ඉවත්වීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර, දිවයින ආසන්න පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලෙන් බරව පවතින අතර වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.