ලංකා කම්කරු කොංග්‍රසය විසින් තලවකැලේ නගරයේදී අද (29) පස්වරුවේ සංවිධාන කර තිබූ විරෝධතාවකට අධිකරන නියෝගයක් නිකුත් කර තිබුණා.
මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ හැටන්, තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නම වෙනස් කිරීට විරෝධය පළ කරමින්.
විරෝධතාකරුවන් උද්ඝෝෂණය ආරම්භ කළේ තලවකැලේ මංසන්ධියෙන්.
පසුව තලවකැලේ බස් නැවතුම්පළේදී අමාත්‍ය පලනි දිගම්බරම්ගේ රුවකට ඔවුන් ගිනි තබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
පැයකට ආසන්න කාලයක් පැවති මෙම විරෝධතාව අධිකරණ නියෝගයත් සමග සාමකාමී ලෙස අවසන් කර තිබෙනවා.