Monday, January 13, 2025

General line - 0115112241

ජනපතිවරයා විසින් ඉවත් කළ හිටපු නියෝජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ක්‍රියාව (UPDATE)

හේමන්ත කහවලගේ




හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන්ගත්තා.

ඒ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කරමින්. එහිදී ඔහු කියාසිටියේ තමන් ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ බවයි. එහිදී ඔහු නව ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ අතුරු වාර්තා ඉරාදැමූ බව ද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. 

එසේ ප‍්‍රකාශ කරමින් සභා ගර්භය මැදින් පැමිණි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විපක්ෂයේ දෙවන පෙළ අසුනක අසුන්ගත්තා. ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන ආසන්නයේයි. 

කෙසේවෙතත් තමන්ට විපක්ෂයේ අසුනක් ලබා දෙන්නැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූ ඔහු ඉකුත් සමයේ ආණ්ඩුව විවේචනය කරමින් විවිධ අදහස් පළකළා.  
 

-------------------------------

ජනපති විසින් ඉවත් කළ නියෝජ්‍ය ඇමති එකතු වෙන කණ්ඩායම මෙන්න (UPDATE)

(30-10-2017 10:06)

(සජිත් තිලකරත්න)

තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් තමන්ව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඩුලිප් විජේසේකර ප්‍රතිචාර දැක්වූවා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ "රටේ ජනමතයට ගරු කරමින් නිවරැදි ජනමතයත් සමග වැඩකටයුතු සිදු කළ යුතුයි. ඒ නිසා අද සිට මම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂ කණ්ඩායමත් සමග ඉදිරි කටයුතු සිදු කරනවා. අපි තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිම සාමාජිකයෝ.. අපි ශ්‍රීලනිපයට බොහෝම ආදරය කරන මිනිස්සු." බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තැපැල් නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ ඩුලිප් විජේසේකර එම දූරයෙන් ඉවත් කිරීමට ඊයේ (29) දින තීරණය කළා.

----------------------------------------

ජනපති විසින් නියෝජ්‍ය ඇමතිවරයෙක්ව ඉවත් කරයි

(30-10-2017 05:35)

(ඉෂාර සුපෙම් මානගේ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තැපැල් නියෝජ්‍ය අමාත්‍යවරයාව එම දූරයෙන් ඉවත් කර තිබෙනවා.

එම ධූරයේ මෙතෙක් කටයුතු කළේ  ඩුලිප් විජේසේකරයි.
 
වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුව එම ධූරයෙන් ඉවත් කර ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාල සඳහන් කර ඇත්තේ.