Monday, January 13, 2025

General line - 0115112241

භාෂාව ප්‍රශ්නයක් නම් ව්‍යවස්ථාවෙන් ඒක විසඳන්න පුළුවන්ද? - ගෝඨාභය ප්‍රශ්න කරයි

හේරත් ඒකනායක




නව ව්‍යවස්ථාවේ ඇතුළත් ඒකීය යන වචනය පිළිබඳ ඇති ගැටලුවට එහා ගිය ප‍්‍රබල ගැටලු රැසක් ඊට ඇතුළත් යෝජනා තුළ ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

එබැවින් සිදුකළ යුත්තේ ඒකීය යන වචනය වෙනස් කිරීම පමණක් නොව ඊට අදාළ වෙනත් කාරණා ද වහාම වෙනස් කිරීම බවයි ඔහු කියාසිටියේ. 

ඇතැම් දෙමළ නායකයින් සිදුකරන ප‍්‍රකාශවලින් ගැටලුව කුමක්දැයි නිවැරැදිව හඳුනාගත හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

එහිදී ඔහු සඳහන් කළේ "සමහර TNA නායකයින් කියලා තිබ්බා ඒකීය කියන වචනය තිබ්බට කමක් නැහැ සමහර කරුණු වෙනස් කළොත් කියලා... ඒ සමහර මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේදී කියලා තිබ්බා 'අදත් මේ ප්‍රදේශ දෙක වෙන් වෙලා වගේ..ඒ අය කියන දේ අපිට තේරෙන්නේ නැහැ. අපි කියන දේ ඒ අයට තේරෙන්නේ නැහැ' කියලා.. ප්‍රශ්න තියෙන්නේ භාෂාව පිළිබඳව නම් ව්‍යවස්ථාවක් තුළින් එය විසඳන්නට පුළුවන්ද?." යනුවෙනි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළකළේ ‘එළිය’ සංවිධානය විසින් කැඳවූ සම්මන්ත‍්‍රණයකට මහනුවරදී එක්වෙමින්.