Friday, May 17, 2024

General line - 0115112241

අංක 05ට ක්‍රීඩා කළ පිතිකරුවා ලොව වේගවත්ම ශතකය බිහි කරයි (VIDEO)

තරංග රුක්ෂාන් ජයසේකර (අන්තර්ජාලය ඇසුරෙන්)




පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයකදී පිතිකරුවකු රැස්කළ වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට දකුණු අප‍්‍රිකාවේ ඩේවිඞ් මිලර් ඊයේ (29) සමත් වුණා.

ඒ බංග්ලාදේශයට එරෙහිව පන්දු 35කදී ශතකයක් වාර්තා කරමින්.

ඔහු මෙලෙස බිඳ දැමුවේ 2012 වසරේදී දකුණු අප‍්‍රිකාවේම රිචඞ් ලෙවී පන්දු 45කදී ශතකයක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.

එමෙන්ම අංක 5 පිතිකරු ස්ථානයේ දී ශතකයක් වාර්තා කළ ලොව පළමු පිතිකරුවා බවට ද ඔහු වාර්තා පොතට එක්වුණා.

ඊයේ පැවැති තරගයේදී ඩේවිඞ් මිලර් අවසන් ලකුණු 50 රැස්කළේ පන්දු 12කින් වීම ද විශේෂත්වයක්. ඔහුගේ ඉනිමට 6 පහර 9ක් සහ 4 පහර 7ක් ඇතුළත් වුණා.