Monday, January 13, 2025

General line - 0115112241

රජය දුන් තීන්දුව ගැන සයිටම් ආයතනයේ මතය හෙළිවෙයි

සජිත් තිලකරත්න




තම ආයතනය සම්බන්ධයෙන් මතුවූ ගැටලූව විසඳීමට රජය ගත් තීරණයට ප‍්‍රසාදය පළකරන බව සයිටම් ආයතනය පවසනවා.

එහි ප්‍රධාන ආචාර්ය නෙවිල් පෙරේරා සඳහන් කළේ රජයේ තීරණයේ ද ඇතැම් ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් පවතින බවයි.

සයිටම් නම අහෝසි කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර තවමත් රජයෙන් සිය ආයතනය වෙත ලැබී නොමැති බවද සඳහන් කළා.

සයිටම් ගැටලුව මුල්කරගනිමින් අන්තවාදීව හැසිරුණු පිරිස්වලට රජය ලබාදුන් තීරණය හොඳ පිළිතුරක් බව ද සයිටම් ආයතනයේ ආචාර්ය නෙවිල් පෙරේරා නෙත් නිවුස් වෙත කියාසිටියා.

රජය ඊයේ (29) ප‍්‍රකාශයට පත් කළේ අවම ප‍්‍රමිතින්ට අනුකූලව ස්ථාපිත කෙරෙන වෛද්‍ය උපාධි ප‍්‍රදානය කරන රාජ්‍ය නොවන සහ ලාභ නොලබන නීත්‍යනුකූල නව ආයතනයක් ස්ථාපිත කරන බවයි.

සයිටම් ආයතනය සතු වත්කම්, වගකිම්, කාර්ය මණ්ඩලය හා සිසුන් නව ආයතනයට පවරන බවද එහිදී ප‍්‍රකාශ කෙරුණා. සයිටම් ආයතනයේ උපාධිය දැනටමත් අවසන් කර ඇති සිසුන්ට නිර්දේශ කරන රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා අවස්ථාව ලබා දෙන බව ද රජයේ තීරණයේ සඳහන්.