සයිටම් ආයතනයේ පුද්ගලික හිමිකාරිත්වය වෙනස් කිරීමට රජය තීරණය කළ ද වෛද්‍ය උපාධිය මුදලට විකිණීම වෙනස් කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කෙරුණු විශේෂ නිවේදනයකින් පෙන්වා දී ඇත්තේ, වංචනික කටයුත්ත වසන් කිරීම සඳහා දුප්පත් සිසුන් කිහිප දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදෙන බව පැවසීම කූඨ අරමුණක් බවයි.
සයිටම් අහෝසි කළ යුතු යැයි මතුපිටින් පිළිගෙන ආණ්ඩුව සිදුකරන තිඛෙන්නේ, එය අහෝසි කිරීම නොව එහි නම වෙනස් කර යළි පවත්වාගෙන යාමට උපක්‍රමයක් යොදාගැනීම හා ඒ මගින් මුළුමහත් රටම රැවටීමට උත්සහ කිරීම බවයි ඔවුන් එම නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙනවා.