Monday, January 13, 2025

General line - 0115112241

ක්ලබ් ගිහින් කොල්ලුපිටියේ වැටී සිටි ' රාජ්‍ය තාන්ත්‍රික අමෙරිකානු  නිලධාරියා' මෙන්න 




ශ්‍රී ලංකාවේ සංචාරයක් හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා  පැමිණි  අමෙරිකානු  නාවික හමුදාවට අයත් නාවුක නිලධාරීයෙකු කොල්ලුපිටිය මයිල් පෝස්ට් ඇවිනිව් හි වැටී සිටියදී  කොල්ලුපිටිය පොලිස්ථානය වෙත අද (30)උදෑසන  භාරදී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සමාජ ශාලාවක් සඳහා ගොස් ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිටි බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් පරික්ෂණ කොල්ලුපිටිය පොලිස්ථානය මගින් පවත්වන අතර මෙම නිලධාරියා හට පහර දීමක් සිදුකර ඇත්ද නැතහොත් මොහු අධික ලෙස මත්පැන් පානය කර මෙලෙස සිදුවුවාද යන්න පිළිබඳව  මෙතෙක් අනාවරණය වී නැහැ.