Friday, May 17, 2024

General line - 0115112241

සැබෑ මිතුරා ලංකාවයි..පරාජයෙන් හෙම්බත්වූ 'ශ්‍රී ලංකා පිළට' පාකිස්ථානුවන් හදවතින් පිරිනැමූ සෙනෙහස  (PHOTOS)

සඳුන් සූරියවැව




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට පැමිණීම එරට ජනතාව වඩාත් අගය කිරීමකට ලක් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එරට මාධ්‍යද දැඩි සේ අගය කිරීමකට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එරට විදීවලද එරටට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම අගය කිරීමට ලක් කර තිබුණේ 'පාකිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ මිතුරා ලංකාව ' යනුවෙනුයි.

මෙම තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් අකමැත්ත පළ කළේ  2009වසරේ පාකිස්ථානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරයේ අඳුරු මතකයන් නිසායි.


1996 වසරේ ලෝක ක්‍රිකට් සිළුමිණ දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා සින්දාබාද් කියමින් ලාහෝර් පිටිය ලාංකික කරණය කළේ පාකිස්ථානු ජාතිකයන්ය.

එමෙන්ම එවර ලෝක කුසලානයේදී ලංකාවේ පැවැත්වෙන තරග සඳහා පැමිණීම ඇතැම් රටවල්  ප්‍රතික්ෂේප කරද්දී ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස ඉන්දියාව සමග ලංකාවට පැමිණ තරග කර මෙරට ආරක්‍ෂිත බව ලෝක ක්‍රිකට් ප්‍රජාවට පෙන්නුවේ ද පාකිස්ථානයයි.

පසමිතුරු රාජ්‍යයන් දෙකක්වූ ඉන්දියාව සහ පාකිස්ථානය අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාවට පැමිණීම ලෝකයා හඳුන්වනු ලැබුවේ ක්‍රීඩාවේ ආශ්චර්ය ලෙසයි.

පාකිස්ථානුවන් ශ්‍රී ලංකාවේ පැමිණීම අගය කළ අයුරු පහතින්