එක්සත් ජාතික පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරුන් 31 දෙනෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් 3 දෙනෙකු පත් කර තිබෙනවා. ඒ අනුව, බලංගොඩ ආසන සංවිධායක ධුඅරය හිමිව ඇත්තේ අමාත්‍ය තලතා අතුකෝරළටයි. රත්මලාන ආසන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පත් කර ඇති අතර, හිටපු මන්ත්‍රී රෝසි සේනානායක නැගෙනහිර කොළඹ ආසන සංවිධායක ලෙස පත් කර තිබෙනවා. නුවරඑලිය ආසන සංවිධායක ලෙස පත් කර ඇත්තේ අමාත්‍ය නවින් දිසානායකයි.
නව පත්කිරීම්වලට අනුව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධුරය අහිමි වී තිබෙනවා. ඒ වෙනුවට පත් කර ඇත්තේ ආචාර්ය කිත්සිරි මංචනායකයි. එක්සත් ජාතික පක්ෂයේ මීගමුව නව ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රි රොයිස් ප්රනාන්දුයි. මොහු විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් පසුගිය සමයේ චෝදනාවලට ලක් වූවෙක් ද වනවා.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් නව සංවිධායකවරයා ලෙස උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කින්ග්ස් නෙල්සන් පත් කර තිබෙනවා. ඔහු ඉකුත් ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතාට සහය පළ කළා.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර - රත්මලාන
හිරන්‍යා හේරත් - වලපනේ
රෝසි සේනානායක - නැගෙනහිර කොළඹ
තලතා අතුකෝරාල - බලන්ගොඩ
ලකී ජයවර්ධන - ගම්පොළ
අජිත් පතිරණ - බොරැල්ල
අශෝක ප්‍රියන්ත - නාත්තන්ඩිය
හෙක්ටර් අප්පුහාමි - පුත්තලම
නවීන් දිසානායක - නුවරඑළිය
අයි. මහරුෆ් - ත්‍රිකුණාමලය
නාලක ප්‍රසාද් කොලොන්නේ - මින්නේරිය
හේෂාන් විතාන - රක්වාන
ශාන්ත අබේසේකර හලාවත
අනුරාධ අනුරාධනායක - හොරොව්පතාන
නාසි - පුත්තලම 02
සේහිදු - හොරොව්පතාන 01
රෝයිස් ප්‍රනාන්දු - මීගමුව
අශෝක ප්‍රියන්ත - කොත්මලේ
චන්ද්‍රසෝම සේනාධීර - අත්තනගල්ල
ජයරත්න - පොල්ගහවෙල 02
ආචාර්ය අරුණ සිරිසේන - සේරුවිල
අජිත් රෝහන - පොල්ගහවෙල 01
කිත්සිරි මාංචනායක - දිවුලපිටිය
හසන් අලී - සමන්තුරේ
හර්ෂ කුමාර ගලප්පත්ති - දෙවිනුවර
ගනේෂ් මූර්ති - පදිරිප්පුව
සංජීව කරුණාතිලක - රත්ගම
තාරක නානයක්කාර - හබරාදුව
චන්න ගලප්තිති - තෙල්දෙණිය
ජීම් මාමිකර් - බේරුවල
කපිල කළුපහණ - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්
මදීෂා පෙරේරා - කළුතර දිස්ත්‍රික්
කිංස් නෙල්සන් - පොළොන්නරුව දිස්ත්‍රික්