Monday, January 13, 2025

General line - 0115112241

පෝට් සිටි නඩුවක් යළි කරළියට




කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිසි පාරිසරික අධ්‍යනයක් සිදු කර නොමැති බව පවසමින් ගොනු කළ රීට් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අද (30), දින නියම කෙරුණා. ඒ, අදාළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති එල් ටී බී දෙහිදෙණිය ඇතුළු ද්වී පුද්ගල විනිසුරු මඩුල්ලක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.

ඒ අනුව, පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන දෙසැම්බර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු වග උත්තරකාර පාර්ශවයන්ට අද නොතිසි නිකුත් කෙරුණා. මෙම රීට් පෙත්සම ගොනු කර ඇත්තේ පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින්.