Friday, May 17, 2024

General line - 0115112241

මැතිව්ස් සහ කුසල් ඉන්දියානු සංචාරයට එක්වන ලකුණු




ඉන්දීය ක‍්‍රිකට් තරග සංචාරය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා එක්වනු ඇතැයි වාර්තා වනවා. ක‍්‍රිකට් තේරිම් කමිටු සාමාජිකයෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ ඔවුන් දෙදෙනාම සිය ආබාධවලින් සුවය ලබා සිටින බවත් ඒ පිළිබඳ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයකට ඔවුන් දෙදෙනාම යොමු කිරීමට නියමිත බවයි.

පාදයේ ආබාධයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට පකිස්ථානය සමග පැවති තරග සංචාරයද අහිමි වුණා. කුසල් ජනිත් පෙරේරා ද ඊට සහභාගී නොවූයේ පිට කොන්දේ ආබාධයක් හේතුවෙන්. තුන් ඉරියව් ක‍්‍රීඩක අසේල ගුණරත්නගේ වම් අතේ මහපට ඇඟිල්ලේ අස්ථි පිපිරුම ද තවමත් සුව වී නොමැති නිසා ඔහුට ඉන්දිය සංචාරය අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ. 

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ටෙස්ට් තරග 3ක්, එක්දින තරග 3ක් සහ පන්දුවාර 20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. දෙරට අතර, පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන මස 16 වනදා කොල්කටාහිදී ආරම්භ වීමට නියමිතයි.