Thursday, May 2, 2024

General line - 0115112241

ක්‍රිකට් තරගයක් අතරේ පිටිය මැදට කාර් එකක් ඇවිත්!

කසුන් කැලුම්




ඉන්දියාවේ පැවැත්වෙන රංජි කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තරගයක් අතුරතුර කි‍්‍රඩාංගණය තුළට මෝටර් රථයක් ධාවනයවීමේ පුවතක් වාර්තා වනවා. මෙම තරගය පැවැත්වෙමින් තිබුණේ දිල්ලි නුවර ගුවන් හමුදා කී‍්‍රඩා සංකීර්ණයේදීයි. අදාළ මෝටර් රථයේ රියදුරු ප‍්‍රකාශ කර තිබුණේ කී‍්‍රඩාංගණයට ඇතුළු වන ආරක්‍ෂක වැට තමන් නොදුටු බවයි.

තණතිල්ල අසලට පැමිණි මෙම මෝටර් රථය නිසා තරගය මද වේලාවකට නතර කිරීමට සිදුවුණා. මෙහිදී තරගය පැවැත්වෙමින් තිබුණේ දිල්ලි සහ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්ත කණ්ඩායම් අතරයි. කෙසේවෙතත් මෝටර් රථය කී‍්‍රඩාංගණයට පැමිණීම හේතුවෙන් කිසිදු කී‍්‍රඩකයෙකුට හානියක් සිදුව නැහැ. සුරේෂ් රයිනා, ඉෂාන්ට් ෂර්මා සහ ගෞතම් ගාම්භීර් යන කී‍්‍රඩකයින්ද මෙම තරගයට එක්ව සිටියා.