සුනාමි ව්‍යවසනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පෙරහුරුවක් අද (05) පැවැත්වෙනවා.
අදට යෙදෙන ජාත්‍යන්තර සුනාමි අනුස්මරණ දිනය නිමිත්තෙන් එය පැවැත්වෙන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ.
සුනාමි ව්‍යවසනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මෙම පෙරහුරුව අද පස්වරු 2.00 ට ආරම්භවීමට නියමිතයි.
අද පස්වරුවේ පැවැත්වෙන සුනාමි පෙරහුරුවට ජනතාවගේ උපරිම සහභාගිත්වය අපේක්ෂා කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. දිස්ත්‍රික් 14ක ස්ථාන 77කදී සුනාමි පෙරහුරුව පැවැත්වීම සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති බවද එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියාසිටියා.
-----------------------------------
හෙට සුනාමි පෙරහුරුවක්! ඔබත් හසු වෙන්න පුළුවන්
(04-11-2017 14:12)
සුනාමි ව්‍යවසනය පිළිබද ජනතාව දැනුවත් කිරීමේ පෙරහුරුවක් හෙට (05) පැවැත්වෙනවා. හෙටට යෙදෙන ජාත්‍යන්තර සුනාමි අනුස්මරණ දිනය නිමිත්තෙන් එය පැවැත්වෙන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ.
" දිවයින වටා දිස්ත්‍රික්ක 14ක පිහිටි සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු 77 ක්‍රියාත්මක කරමින්, ජනතාව නියමිත මාර්ග ඔස්සේ ආරක්ෂිත ස්ථාන වෙත ගෙනයනවා."
සුනාමි ව්‍යවසනය පිළිබද ජනතාව දැනුවත් කිරීමේ පෙරහුරුව හෙට පස්වරු 2 ට ආරම්භවීමට නියමිතයි. මේ අවස්ථාවේදී කලබල නොවී ආපදා කලමනාකරණ නිලධාරීන්ට උපරිම සහයෝගය ලබා දෙන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙම පෙරහුරුව පවත්වන කාලසීමාවේදී අදාල ප්‍රදේශවල සංචාරක හෝටල් ඇතුළු ආයතන සියල්ලන්හිම සිටින පිරිස් පෙරහුරුව පිළිබඳ දැනුවත් කර ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඔවුන් මේ පෙරහුරුවට සහභාගීකරගන්නේ නැහැ.
රියැදුරන් අදාල කාලය තුල එම ප්‍රදේශ මගහැර විකල්ප මාර්ග භාවිත කිරීම වඩාත් සුදුසු බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ. එවැනි බාහිර පුද්ගලයන් වන්නේ නම් ඔවුන්ට තම අනන්‍යතාව හෙළිකර ගමන්කළ හැකි බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවා.