Wednesday, January 15, 2025

General line - 0115112241

තැපැල් වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවකට

නවෝද්‍යා ගමගේ




තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින බව කියන ගැටලූ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් විසඳුමක් ලැබී නැතැයි තැපැල් වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

ඔවුන් චෝදනා කරන්නේ අදාළ ගැටලූ සම්බන්ධයෙන් නිසි සාකච්ඡාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ විෂයභාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියද මෙතෙක් ඊට ද ප‍්‍රතිචාර ලැබී නොමැති බවයි.

තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කරන්නේ පවතින ගැටලූ සම්බන්ධයෙන්  ඉදිරි ක‍්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ලබන සතියේදී තැපැල් වෘත්තිය සමිති සාකච්ඡාවක නිරත වීමට ද සූදානම් බවයි.