පුළුල් සන්ධානයක් ලෙස ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට ඒකාබද්ධ විපක්ෂය මේ වනවිටත් තීරණය කර අවසන් බව හිටපු අමාත්‍ය, මහාචාර්ය ජීඑල් පීරිස් පවසනවා.
එම සන්ධානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවයි හිටපු අමාත්‍යවරයා කියාසිටියේ.
ඔහු මෙම අදහස් පළකළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදීයි.
ඒකාබද්ධ විපක්ෂය මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂය හෝ ලාංඡනය පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි හිටපු අමාත්‍යවරයා කියාසිටියේ.
කෙසේවෙතත් බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය ඊයේ (04) කියාසිටියේ එක්ව මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සමග තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවයි.