ඉන්ධන සැපයුම යථාතත්වයට පත්කිරීමට පියවර ගෙන තිබුණද දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල ජනතාව තවදුරටත් ඉන්ධන ලබාගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටිනවා.
නෙත් නිවුස් වාර්තාකරුවන් කියාසිටියේ අද (05) අලූයම වනතුරුත් එම පෝලිම් දක්නට ලැබුණු බවයි.
කෙසේවෙතත් ඊයේ (04) දිනය පුරා කොළොන්නාව නිමාවේ සිට ඉන්ධන පිරවූ බවුසර් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට පිටත් කර හැරුණා.
මේ අතර වෘත්තිය සමිති පවසන්නේ මෙම ඉන්ධන හිඟය ලබන 08 වැනිදා පමණ වනතෙක් පැවැතිය හැකි බවයි.
ඛනිජතෙල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා කියාසිටියේ පවතින තත්ත්වය මත එක් පාරිභෝගිකයකුට ලබාදෙන ඉන්ධන ප‍්‍රමාණය සීමාසහිත කිරීමට ද පියවර ගෙන ඇති බවයි.
ජනතාව කලබලවීම නිසා ඉන්ධන ගබඩා කර ගැනීමට කටයුතු කරමින් ඇති බවත් එය අනවශ්‍ය පියවරක් බවත් සඳහන් කළා.
එක් තෙල් නැවක් නැතිවීම මත රට තුළ තෙල් හිඟයක් ඇති වීමට ඉඩක් නැති බවත් මෙහි සම්පූර්ණ වගකීම රජය විසින් භාර ගත යුතු බවද ඛනිජතෙල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා වැඩි දුරටත් සඳහන් කළා.