රට තුළ මේ වනවිට පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ඇතැමුන් තමන්ට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත පවසනවා.
තමන් ඛනිජ තෙල් අමාත්‍ය ධුරය දරන සමයේ සිදුවූ මුල්‍ය වංචා හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත්වී ඇතැයි ඇතැමුන් චෝදනා කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.
එහෙත් තමන් අමාත්‍යවරයාව සිටි සමයේ සිදුවූ සියලූම සිද්ධීන්වලට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව පියවර ගෙන ඇති බව සුසිල් පේ‍්‍රමජයන්ත අමාත්‍යවරයා කියාසිටියා.
ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශ පදනම් කරගනිමින් මෙවැනි චෝදනා එල්ල කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "මේක ගැන කතා කරන්න පටන් ගත්තේ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථාව ගැන මම කළ කතාවෙන් පස්සේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි එයාලගේ පසුපෙල මන්ත්‍රිවරුන් අල්ලගෙන රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යම් කරුණු කාරණා ඉස්මතු කරලා ගන්න අයට ඔය වගේ මඩ ප්‍රහාර එල්ල කරන එක. දැන් ඔය මඩ ප්‍රහාර එල්ල කරන අයට තිබුණ මිනීමැරුම් චෝදනාවලට මොකද වුණේ කියලා පෙරළා ප්‍රශ්න කරන්න අවශ්‍යයි." යනුවෙනි.