රටක ජීවත් වන ජනතාව මත එම රටේ අනාගතය තීරණය වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා කියාසිටියේ සමාජය යහපත් කිරීමට සහ වර්ණවත් කිරීමට ලබාදී තිබෙන නවීන තාක්ෂණය වැරදි අන්දමට භාවිත කරන ඇතැම් පිරිස් රජය පිළිබඳ විවිධ වැරදි ප‍්‍රචාරයන් ගෙනයමින් සිටින බවයි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළකළේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ ඊයේ (04) පස්වරුවේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.
රට තුළ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස හමුවේ ඇතැමුන් කුමන අන්දමට කටයුතු කළ ද ජනතාව වෙනුවෙන් භාරගත් වැඩකොටස නිසි ලෙස ඉටුකිරීමට තමන් ප‍්‍රමුඛ රජය කැපවී සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.